කුලගෙය හැර ගිය ප්‍රියම්බිකාවෙනි ගී පද / Kula geya hera giya Lyrics
කුලගෙය හැර ගිය ප්‍රියම්බිකාවෙනි
ඔබට කියන්නට තවත් දෙයක් ඇත
මෙතුවක් විඳි දුක් මින් මතු කිසිදින
තෙරුවන් සරණින් ඔබට නොවේවා
නොවේවා......
යම් දිනයෙක මා ඇලුම් කළා නම්
ඒ ඔබහට නොව මා හද ගත් ලඳ
මෙවන් විය යුතුයි කල්පිතයක් වෙත
ඉතින් එවං කල ඔබට වරද නැත
අද හෝ හෙට හෝ තව කලෙකින් හෝ
මා මියයන විට පත් ඉරුවක් මත
අතලොස්සක් තව නම් සහ එකතුව
ඔබේ නාමයද ලියා රැගෙන යමි.
