ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
Labunath Neth Yuga Dahasaka Urume
  • Lenght : 04:46

  • Song

    ලැබුනත් නෙත් යුග දහසක උරුමේ ගී පද / Labunath Neth Yuga Dahasaka Urume Lyrics

    ලැබුනත් නෙත් යුග දහසක උරුමේ..
    මදි මට මුලු සංසාර යුගේ..
    ඔබව බලා ගන්නට අම්මේ..
     
    ඉර හඳ පතුරන එළියට වැඩියෙන්
    ඔබ මට හරි එළියයි අම්මේ..
    දහසක් නෙත් මට මදි අම්මේ..
    ඔබව බලා ගන්නට අම්මේ..
     
    ලේ කිරි කරලා අම්මත් මා දුක්
    පෙව්ව්ද නැත්නම් ඊට වඩා
    ඉර හඳ තරු සෙනෙහසට යටත්කොට
    දියකර පෙව්වද සේද වලා
     
    ලැබුනත් නෙත් යුග දහසක උරුමේ..
     
    දස මාසේ කුසෙහි මා දරලා
    ඉසිලු බර තව ඔබට මදි
    දරු සෙනෙහස මතු බුදු කරවන්නට
    මවු පදවිය ඔබ ලබන ලදී
     
    ලැබුනත් නෙත් යුග දහසක උරුමේ..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS