ලන්දේ පැණි මොර ගී පද / Lande Peni Mora Lyrics
ලන්දේ පැණි මොර හිඹුටු ඉදීලා
මිදුලේ ගහ යට වෙරළු වැටීලා
සහසක් මී මල් හිතේ පිපීලා
ඔබ එනතුරු ඉමි පාර බලාලා...
පැණි මොර කොහොමද කඩලා දෙන්නේ
කුමටද මිදුලේ වෙරළු හැලෙන්නේ
දහසක් මල් ඇයි හිතේ පිපෙන්නේ
ඈතක සිරවීලයි මා ඉන්නේ...
හේනේ කුරහන් සුවඳ පිරීලා
තුන්හිරි පැදුරේ රටා මැවීලා
සෙනෙහස් සුව මතකයේ වෙළීලා
ඔබ එනතුරු ඉමි පාර බලාලා...
කුරහන් සුවඳක් කෙලෙස විඳින්නේ
පියුම් රටා කුමකටද වියන්නේ
සෙනෙහස් සුව කෙදිනකද ලබන්නේ
අද හෙට සිර ගෙයි දොර ඇරියන්නේ...
