Mada Seetha Nala Rella ගී පද / මද සීචනල à¶»à·à¶½à·Šà¶½ දà·à¶Ÿà¶½à·’ල්ල à¶´à· Lyrics
මඳ සීත නල රැල්ල දැඟලිල්ල පා
කැලඹිල්ල දී දසත විසිරී ගියා
සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා...
ඔය බැල්ම දෙන කැල්ම සුර ගීත පා
සුරතල් ම බව පේන රහසක් කියා
දුක තැල්ම නැතිවී සිත ඇල්ම මතුවී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා...
සුදු සේල මිහිඳුම් අවටින් බැඳී
නිල් ලෝකයේ එළිය නොපෙනී රැඳී
මගෙ දෑස පාදන්න ඔබෙ දෑස මට දෙන්න
ඔබ මාගෙ ජීවේ සදා...
ඔය බැල්ම දෙන කැල්ම සුර ගීත පා
සුරතල් ම බව පේන රහසක් කියා..
දුක තැල්ම නැතිවී සිත ඇල්ම මතුවී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා...
මගෙ දෑස ඔබ ගන්න ඔය දෑත මට දෙන්න
යුග ගීත පවසන්නකෝ..
ලොව මිහිර නරඹන්න මධු මිහිර රස බොන්න
ඔබ මාගෙ ජීවේ සදා...
