මගේ රටට දළදා හිමි සෙවණයි
Mage Ratata Dalada Himi Saranai
  • Category : Music Video
  • Lenght : 03:42

  • Song

    මගේ රටට දළදා හිමි සෙවණයි ගී පද / Mage Ratata Dalada Himi Saranai Lyrics

    මගේ රටට දළදා හිමි සෙවණයි..
    මගේ දැයට දළදා හිමි සරණයි..
    සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
    උපතින් මා හට මේ හැම උරුමයි...//
     
    දළදා මැදුරේ රන්කොත මුදුනේ..
    මිණි කිරණින් මුළු රටම අවදි වේ..//
    දෙදහස් වසරක මහරු අතීතය..
    සීහ තේජසින් යළි පිබිදී එයි..//
     
    මගේ රටට දළදා හිමි සෙවණයි..
     
    මෙතැනම වී දැය එක ලෙස බැඳුනේ
    සිත් තුල බිය සංඛා දුරු කෙරුනේ..//
    සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා..
    ජය බෙර වැයුනා ජය ගී ගැයුනා..//
     
    මගේ රටට දළදා හිමි සෙවණයි..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS