මල් පුදා ලද හැකිද නිවනක් ගී පද / Mal Puda Lyrics
මල් පුදා ලද හැකිද නිවනක්
කෙළෙස් මල් ගොමුවෙන්
පිපී පරවෙන සිත දකිත්වා
මල් පිදු කුසලෙන්
ඝෝර ගොරහැඩි මාර බල ඇති
සසර හුරු කෙළෙසුන්
යදම් සිද බිදලන්නෙ කෙලෙසද
නැතිව සිත දැඩිකම්
දුලභ මනුසත් භවය කැපකොට
බුදු වදන වෙනුවෙන්
මහත් වෙර ගෙන රැකිය යුතුමය
සිත මනා සිහියෙන්
