මල් වයසේ මධු සිහිනේ ගී පද / Mal wayase madhu sihine Lyrics
මල් වයසේ මධු සිහිනේ ආදර මාළිගයේ
පෙම් මදිරා ගඟ පිරිලා උතුරා ගලා හැළේ
ජීවිතේ පුරා ආදරේ පෙරා දැන්
බොනු මැන ජයපානේ....
බමරෙකී කුසුමෙකී එක්ව ගී ගැයූවේ
මොණරෙකී උරගෙකී නෑ වෙළී රැඟූයේ
සඳවත පරයන පුංචි කැකුළු මල
එනු බොමු ජයපානේ....
මල් වයසේ මධු සිහිනේ
ආදර මාළිගයේ
ආදරේ... ආදරේ... ආදරේ...
අඳුරු ගැබේ කඳු මුදුනේ පායන සඳ වැන්නේ
අඳුරු මගේ හද මුදුනේ අද පායාපන්නේ
නුරා රැඟුම් ලොල් හදවත් සසලයි
ආදර හිත නිසලයි
මල් වයසේ මධු සිහිනේ
ආදර මාළිගයේ
දුක් නිවිලා සිත් නිවිලා
ජීවිත පහන් සැලේ
මල් වයසේ මධු සිහිනේ
ආදර මාළිගයේ
ආදරේ... ආදරේ... ආදරේ...
