මල්සර උක් දඬු දුන්නෙන් ගී පද / Malsara Uk Dandu Dunnen Peni Bee Lyrics
මල්සර උක් දඬු දුන්නෙන් පැණි බී
දේදුන්නක් උඩු අතට නවා බිඳ
මල් උයනක මල් අවුල් කර දමා
ඔබේ පැල්පතට ඔබ දැක ගන්නට
ආවෙමි වියරු වැටී...
ඔබ හඬනා හඬ මට ඇසුණේ නැත
ඔබ හිනැහෙන හඬ මට ඇසුණේ නැත
ඔබ නිහඬව සිටිනා හඬ පමණක්
සවන් යොමා සිටි මට ඇසුණා
ඔබේ නිහඬ බව මා සිත කලඹයි...
හිනැහෙනු මැන හසරැලි අතුරා වත
හඬනු මැනවි නැතිනම් පොඟවා නෙත
ඔබ නිහඬව හිඳිනා විට මගෙ සිත
මුළු ලොව හැඬුවත් දෙසවන නොම දෙත
ඔබේ නිහඬ බව මා සිත කලඹයි...
