මම මා සොයන්නෙමී
Mama Maa Soyannemi

Song

මම මා සොයන්නෙමී ගී පද / Mama Maa Soyannemi Lyrics

මම මා සොයන්නෙමී
බිඳුණු සිහිනෙක නිවුණු පහනක 
මම මා සොයන්නෙමී
මම මා සොයන්නෙමී...
 
මම ඔබ සොයන්නෙමී
ගලන ගඟුලක දිලෙන තරුවක 
මම ඔබ සොයන්නෙමී
මම ඔබ සොයන්නෙමී...
 
විහඟ හඬෙත් නැත 
හංස තුඬෙත් නැත 
ළපලු නිලෙත් නැත මා... 
 
කොකනද වෙණ මැද 
කොඳ මුවරද මැද 
ඔබ රුව දුටුවේ මා... 
 
මිලින මලෙත් ඇත 
මියෙන සඳෙත් ඇත 
මියෙන ඉරෙත් ඇත මා... 
 
විකසිත කුසුමක 
පිබිදෙන උදයක 
ඔබ රුව දුටුවේ මා... 

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS