මනාලයි
Manalai
  • Category : Music Video

  • Song

    මනාලයි ගී පද / Manalai Lyrics

    මනබන්දන රූපේ - ඔය හසඟන තාලේ
    පිය නග නග දෑසේ
    මා අවුලනවා
    හද කැන්දන හැඟුමේ - පා අනසක රහසේ
    නුඹවම ඉල්ලා මේ
    හිත වද දෙනවා
    ටික ටික ටික නොදැනී
    හිත හිත හිත ඇදුනී
    එකමෙක බැල්ම නුඹේ ගැටුණු හදේ දොර ඇරුනී
     
    මනාලයි
    හිත නුඹටම ආලයි - නුඹෙ ළඟ මනමාලයි
    මෘදු සිහින මවාලයි - මවාලයි
     
    විඳින බඳේ සුව නිබඳේ
    සතුට නුඹේ සාරි පොටේ
    දැක තන්හා උපදින්නා ලමැදේ
    රැගෙන ලොවේ හතර වටේ
    යනෙමි මගේ වුණ දවසේ
    රැක පණ හා සම නුඹ මා එකසේ
     
    හැඩට සඳේ වත සසැඳේ
    වචන ඉබේ කවි පද වේ
    කෙලෙසින් මා වලකන්නා හිත මේ
    සුභ මොහොතේ මුදුව අතේ
    පළඳ හිතේ පැතුම ලෙසේ
    හිමිකම් මා සතු වේවා නුඹගේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS