මන්දෝදරී ගී පද / Mandodari Lyrics
කිමද රාවණා නුඹ නේන කාරණා
කන්කලු රාවණා වෙණ නද නෑසෙනා
හදවත පාරණා පැතිරෙන කාරණා
කදුලු බර වැඩී දෑසට රාවණා
කාරණා මන් කියන්නම්
පෑරෙනා හිත හදන්නම්
වේදනා පිස නිවන්නම්
රාවණා මා
මන්දෝදරී
සක්වලින් පිට පවා රැව්දුන් අපේ ආදර අන්දරේ
ප්‍රේමයේ දෙවගන නුඹයි ගිරි මාලිගේ
මදාරා මල් අතර සැගවූ ප්‍රේම ආලක මණ්ඩපේ
මියෙන තුරු සොදුරුතම රතිගන
නුඹ තමා මන්දෝදරී
අදුරු කළුදිය පොකුණ සැගවුන
කටුක අමිහිරි බෝ රහස් ඇත
අතීතය සිත ගොළු කරයි මා ආදරී
ගැඹුරු සිතිවිලි අතර සැගවී
නුදුරු ලෝකයෙ සැගව යමු අපි
අතීතය හීනයක් නොව මන්දෝදරී
