මනෝ මන්දීරේ
Mano Mandire

Song

මනෝ මන්දීරේ ගී පද / Mano Mandire Lyrics

මනෝ මන්දීරේ
අපේ සෙනෙහස අතීතේ....
මිය ඇදී ගිය අකාලේ....
මිය ඇදී ගිය අකාලේ....
මනෝ මන්දීරේ....
 
සඳේ සුසුමයි සුව ගෙනාවේ
සැඳෑ මඳ අඳුරේ...
හදේ පැතුමයි හුදකලාවේ
සදා රජ වූයේ...
අරාජික මා..........
මනෝ මන්දීරේ.......
 
ඇසේ කඳුළයි හඬා කීවේ
නොකී ගොළු ගීතේ...
අපේ උපතයි අපේ විපතයි
මෙසේ නිම වූයේ....
අන්ධකාරේ...........
මනෝ මන්දීරේ.........

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS