මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
Mayam Tharu Rane Balmen Midi
  • Lenght : 03:54

  • Song

    මායම් තරු රෑනේ බැල්මෙන් මිදී ගී පද / Mayam Tharu Rane Balmen Midi Lyrics

    මායම් තරු රෑනේ බැල්මෙන් මිදී 
    පායන් ආ සඳටයි බැඳුනේ වෙලී.. 
    රෑනෙන් මිදුනාම නෑ අත් බැඳි 
    මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී.. 
    සීතාවියක් හින්දා රෑ නෑ නිදී... 
    ඔබ හින්දයි තවමත් මා මගබලමින් ඉන්නේ රැඳී 
    කවදාවත් රිදවන්නෑ හිමිවේ නම් උන්මාදිනී .....
     
    පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්
    උන්මාද ගීතේද ගැයුවේ ඔයා.. 
    ඒ පොත් කොනේ තිව්ව හසුනත් ඔයාටයි 
    මේ පෙම් හැඟුම් නැත්ද දැක්කේ ඔයා.. 
    හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ.. 
    හිතවත්කමක් නේද දැනුනේ කියා... 
    කවදාද ඉටුවන්නේ මේ ප්‍රාර්තනාවන් 
    දුක් ගින්දරේ හීන ඇවිලී ගියා ......
     
    මල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ 
    එක හීනයක් ගාව මම නැවතිලා.. 
    තරු වාගේ දිලිසෙද්දී පොඩි ඇස් ඔයාගේ 
    බැහැ දැන් කියාගන්න හිත ගොලුවෙලා.. 
    දැන්ගත්ත දා ඈත වෙන්වී ගියෝතින් 
    හැමදාම විඳවන්න මා මෙහි තියා ...
    නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්තනාවන් 
    මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා ....

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS