මේ අනන්ත රාත්‍රියේ.. සඳේ නුඹ කොහේ
Me Anantha Rathriye
  • Lenght : 04:43

  • Song

    මේ අනන්ත රාත්‍රියේ.. සඳේ නුඹ කොහේ ගී පද / Me Anantha Rathriye Lyrics

    මේ අනන්ත රාත්‍රියේ
    සඳේ නුඹ කොහේ
    තාරුකා කියන්නකෝ
    නිදන්නෙ ඈ කොහේ
    අඳුරේ ගිලී නොපෙනී ගියේ
    සුසුමයිලු මා ඇගේ
    යුග නෙත් මගේ කඳුළින් තෙමී
    තනිවේද මා අනේ...
     
    ජීවිතේට මං කියූ
    තාරකාවියේ...
    ජීවිතේට මං කියූ
    තාරකාවියේ...
    දැන් ඉතින් නුඹත් ගියා
    කලුවරයි අනේ...
     
    අම්බරේහි සඳ නොවී
    එළිය දුන් ලියේ...
    අම්බරේහි සඳ නොවී
    එළිය දුන් ලියේ...
    දැන් ඉතින් නුඹත් ගියා
    කලුවරයි අනේ...
     
    මේ අනන්ත රාත්‍රියේ
    සඳේ නුඹ කොහේ
    තාරුකා කියන්නකෝ
    නිදන්නෙ ඈ කොහේ
    අඳුරේ ගිලී නොපෙනී ගියේ
    සුසුමයිලු මා ඇගේ
    යුග නෙත් මගේ කඳුළින් තෙමී
    තනිවේද මා අනේ...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS