මේ ගඟ මේ දුරු කතර ගෙවා ගී පද / Me Ganga Me Duru Kathara Gewa Lyrics
මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ලඟ නතර උනේ ...
මේ විල මේ නිල් දියෙන් පිරී
ඇයි මේ මල විල මත පිපුනේ
මා හද විල පතුලින් මතුවී
ඇයි ඔබ ආදර මල පිපුණේ
ඇයි ඔබ ආදර මල පිපුණේ ...
මේ ගඟ මේ දුරු කතර ගෙවා
මේ විස කටුගස ලඟ ඉපදී
ඇයි මේ මල් වැල එහි එතුනේ
ගිලිහී යන්නට ඔබ සුරතේ
ඇයි මගෙ මේ අතැඟිලි බැඳුනේ
ඇයි මගෙ මේ අතැඟිලි බැඳුනේ ...
මේ ගඟ මේ දුරු කතර ගෙවා
