මේ සීත නිල්ලේ මියුරු සමීරේ ගී පද / Me Seetha Nille Lyrics
මේ සීත නිල්ලේ මියුරු සමීරේ
නිසංසලේ සිනාසෙන් ප්‍රියේ..
එන්න අර නීලාකාසේ
දේදුනු යානේ
රාධා ක්‍රිෂ්ණා වාගේ දෙන්නා...
මල් රේණු පින්නේ
සුවඳ දුමාරේ
සඳෙන් එහා නැඟී යං ප්‍රියේ...
වනන්තරේ විහඟ සේනා
පාට මල් යායේ පියඹාලා..
හැංගි හොරා අරන් ඒවී
අපට රන්දෝලා මල් මාලා...
තුරුල් වී හිඳින්නම්
බිංදු බිංදු පිනි වරුසාවේ...
මියුල් නුවන් සුපෙම් රේඛා
නිලෙන් කඳු නිම්නේ පාවෙන්නා...
කුළින් කුළේ දුහුල් මීදුම්
අපට පෙම් යහනා සරසන්නා..
තුරුල් වී හිඳින්නම්
බිංදු බිංදු පිනි වරුසාවේ...
