මේ වාගේ හඳ පෑවූ ගී පද / Me Wage Handa Pawu Lyrics
මේ වාගේ හඳ පෑවූ...ගිලගන්න එපා රාහු....
මේ වාගේ හඳ පෑවූ...ගිලගන්න එපා රාහු....
ඔබ හඳ ගිලගන්නාවූ...ඔබ හඳ ගිලගන්නාවූ...
හඳ කළ වරද කිමද රාහූ
මේ වාගේ හඳ පෑවූ...ගිලගන්න එපා රාහු....
ඝන මේඝ වලාකුළු බේරා...තව දෙන්න ලොවට රැස් දාරා...
ඝන මේඝ වලාකුළු බේරා...තව දෙන්න ලොවට රැස් දාරා...
සැඩ හිරුගෙන් දවාලේ විඩාවූ...ලොව සුවසේ නිදයි වේදනාවූ...
නොකියා ඒ අතීතෙන් වියෝවූ...ඔහු මා පෙම්වතා මේ මගේ දූ...
ඔහු මා පෙම්වතා මේ මගේ දූ...
මගේ දූ...............................................
මේ වාගේ හඳ පෑවූ...ගිලගන්න එපා රාහු....
ගොළු මුහුදේ එහා සිටද එන්නේ...සුළඟේ දැන් කොහේ ඔහු සිටින්නේ...
ගොළු මුහුදේ එහා සිටද එන්නේ...සුළඟේ දැන් කොහේ ඔහු සිටින්නේ...
ඒ මුවගේ දයාවේ සිනාවන්...රෑ සිහිනෙන් පවා වාසනාවන්...
මගෙ උණුසුම් තුරුල්ලේ නිදන්නේ...මේ ඔහුගේ දුවයි ඔහු නොදන්නේ...
මේ ඔහුගේ දුවයි ඔහු නොදන්නේ...
නොදන්නේ..............................................
මේ වාගේ හඳ පෑවූ...ගිලගන්න එපා රාහු....
ගිලගන්න එපා රාහු....
ගිලගන්න එපා රාහු....
