මුතු කඳුළින් මා දෙනෙතේ ගී පද / Muthu Kandulin Ma Denethe Lyrics
මුතු කඳුළින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
රිදවන්නද වෙන්වුයේ
තනිවෙන්නම් මා...
මුතු කඳුළින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
සඳ මඬලේ තරු පොකුරේ
රුව ඇදුනේ ඔබගේ
මඳ පවනේ මල් ගොමුවේ
සුවද දැනේ ඔබගේ
කඳුළැල්ලෙන් හසරැල්ලෙන්
සැනසෙන්නම් මා...
මුතු කඳුළින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
රිදවන්නද වෙන්වුයේ
තනිවෙන්නම් මා...
මුතු කඳුළින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
මල් පිපුනේ රොන් පිරුනේ
බඹරුන් ගී ගැයුවේ
නෙතු දැහැනේ පෙම් සිහිනේ
සිතුවම් මා එලුවේ
හසරැල්ලෙන් කඳුළැල්ලෙන් සැනසෙන්නම් මා...
මුතු කඳුළින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
රිදවන්නද වෙන්වුයේ
තනිවෙන්නම් මා...
මුතු කඳුළින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
