මුවා වුණා සඳක් සිනා සලා
Muwa wuna sandak

Song

මුවා වුණා සඳක් සිනා සලා ගී පද / Muwa wuna sandak Lyrics

මුවා වුණා සඳක් සිනා සලා
උනා දමා දුහුල් සැඳෑ වලා
ලතා මඬුල්ලේ - නදී ළවැල්ලේ
අපේ කතා ඇසේ නිදැල්ලේ..... 
 
අතීතයේ කියූ පෙම් කතා සැබෑ වී
එදා වගේ නැගේ මත් කොවුල් සැඳෑ ගී
දෙපා නඟා අපේ කියා ලොවක් සොයාලා
ඇදී යමූ සිතින් වෙළීලා...... 
 
සලා උපුල් සිනා මඳ පවන් සැලේවී
වළා රොදක් වෙලා හද ගිමන් නිවාවී
ඉරේ සඳේ කැලුම් ඔබේ නෙතින් ගලාලා
මගේ ලොවේ විඩා නිවේවා..... 

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS