නඟේ නඟේ වැහි එනවා
Nage Nage wehi enawa

Music

W.
D.
Song

නඟේ නඟේ වැහි එනවා ගී පද / Nage Nage wehi enawa Lyrics

නඟේ නඟේ වැහි එනවා පැලට වරෙන්නේ
අකලට ආ වැහි කෝඩෙට මොට ද තෙමෙන්නේ
 
වැහි බීරිම හීන් පොදයි ඇඟේ වදින්නේ
මහ වැස්සට ගෙට වෙන්නයි හනික දුවන්නේ
 
ගෙදර අයත් ගමේ ගිහින් පාළු දැනෙන්නේ
වැස්ස තුරල් වෙනතුරු ටිකකට නවතින්නේ
 
කිරට හඬන බිළිඳු පුතා ඇති සාගින්නේ
පමා නොවී මම යන්නම් තරහ නොගන්නේ 

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS