නටඹුන් අතරෙහි ඉන්ද්‍රඛීලයකි ගී පද / Natambun Atharehi Indrakeelayaki Lyrics
නටඹුන් අතරෙහි ඉන්ද්‍රඛීලයකි
පැහැදිලි පැහැබර ඔබේ අතීතය
අනාගතය හෙට ඉසුරින් උපදන
ඔබේ උණුසුමයි මගේ ප්‍රගීතය...
පණ දුන් මව හා ඉපදුණ දේශය
එකම කෙනෙකු මිස
වෙන වෙනසක් නැත
ජීවත්වන්නට ලද අවකාශය
කැප කර නංවමි රට දැය ඒ මත
රුහිරු වලින් නොව දහදිය බිඳකින්
හෙට නව යුගයෙහි එළිය දකින්නෙමි...
අහසට එසවුණු ගල්කුළු අතරට
දෙරණට යට වුණු යට ගිය දවසට
ඔබ සැලසුම් කළ නව හිරු එනතුරු
ඉඩ සැලසුම් ලමි සිඳ බිඳ ගන'ඳුරු
එකම වරක් නොව සිය දහසක් වර
උපන් උපන් හැම මොහොතම කැපකර...
