නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ ගී පද / Neela Dase Dutuwa Lyrics
නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලින්ගනේ
ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත් සරේ
මා හදේ.. වෙලෙනා..
ඔබ මගෙ සිහිනේ පිරුනා මිහිරාවියේ මාගෙ..
මුලකුරු ඔබයි මාගෙ සෙනෙහසේ හෝඩියේ
පුන්චිලා ලිය වූ දිනයේ,
සිත පෙම් පුරන මන් සොයන මා ජීවිතේ
අහිමි සේ බැඳුනා නිල් නෙත් යුග මා
මා හදේ.. වෙලෙනා..
ඔබ මගෙ සිහිනේ පිරුනා මතකයන් වාගෙ..
හඩවන උයන් තෙරේ පිනූ රස ඵල වැලේ
ඔබ තමා නොඉඳුල් ඵලේ
රස සොයන බිගු කැලක විස දළ තුඩින්
සඟවමී දිවිපුරා මාගෙ ආදරේ
මා හදේ.. වෙලෙනා..,
ඔබ මගෙ සිහිනේ පිරුනා මතකයන් වාගෙ..
නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලින්ගනේ
ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත් සරේ
මා හදේ.. වෙලෙනා..
ඔබ මගෙ සිහිනේ පිරුනා
මිහිරාවියේ මාගෙ..
