නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න
Niwaduwata Mama Ennam
  • Category : Music Video
  • Lenght : 04:46

  • Song

    නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න ගී පද / Niwaduwata Mama Ennam Lyrics

    නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න​
    ආදරයේ සොඳුරුම තැන් කතා කරන්න​
    බංකරයේ ජීවිතයට නිවාඩු දෙන්න​
    තව පොඩ්ඩක් කල් තියෙනව එතකන් ඉන්න​
     
    තල් ගහ යට සෙවනක් නෑ
    කවදාවත්ම​
    මගේ හිතට තනියක් නැහැ
    සවිය ඇත මට​
    තල් ගහ යට සෙවනක් නෑ
    කවදාවත්ම​
    මගේ හිතට තනියක් නැහැ
    සවිය ඇත මට​
     
    හැම තිස්සෙම දැක ගන්නට​
    නොහැකි වුනාට​
    ඔයාව මට මතක් වෙනව​
    හැම මොහොතකම​
     
    නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න​
    ආදරයේ සොඳුරුම තැන් කතා කරන්න​
    බංකරයේ ජීවිතයට නිවාඩු දෙන්න​
    තව පොඩ්ඩක් කල් තියෙනව එතකන් ඉන්න​
     
    මා ඉපදුන මේ මව්බිම​
    රැකගෙන ඉන්න​
    වගකීමක් ඇත මට අද
    ඉටු කරලන්න​
    මා ඉපදුන මේ මව්බිම​
    රැකගෙන ඉන්න​
    වගකීමක් ඇත මට අද
    ඉටු කරලන්න​
     
    සෙනෙහසේ නාමයෙන් ඔබ මට​
    තව දිරි දෙන්න​
    මම මැරුනොත් මගේ නමත්
    රැඳෙයි දවසක​
     
    නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න​
    ආදරයේ සොඳුරුම තැන් කතා කරන්න​
    බංකරයේ ජීවිතයට නිවාඩු දෙන්න​
    තව පොඩ්ඩක් කල් තියෙනව එතකන් ඉන්න​

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS