නෝනා
Nona
  • Category : Music Video
  • Year : 2020

  • Song

    නෝනා ගී පද / Nona Lyrics

    කාරි නෑ මට කාලෙ ඕනෙද 
    හාදකම් නවතාලා
    කාරණාවට තාම කෝළද
    පාර නම් එළිවීලා
    ජාති ජාතිත් ප්‍රේමයෙන් මං
    ආවනම් ඉවසාලා
    නාරි ලීලෙන් පාද තියපං
    භාරගන්නම් නෝනා
     
    රජකම් එපා
    නුබ හිමි නම් සදා
    හිස මුදුනෙන් තබා 
    මගෙ කිරුළයි ඔයා
     
    ඒරොප්පෙන් ගෙනා
    බෝනික්කන් එපා
    සුරලෝකෙන් මවා
    දුන් ප්‍රාණේ ඔයා
     
    තානාත් තනත් තම් දනත්තනම් හෙයි 
    තානාත් තනත් තම් දනාත්ත දනාත්ත //
     
    සාමදානෙට තෑගි භෝගද
    කප්පරක් පුරවාලා
    වාස දේසෙට වරිගෙ සේරම
    එක්ක එන්නම් මාහා
    ඊට කලියෙන් වචනෙ දීපං
    මා දුකින් මුදවාලා
    නාඩගං හොදටෝම ඇති දැං
    පාලු මකපං නෝනා
     
    රජකම් එපා
    නුබ හිමි නම් සදා
    හිස මුදුනෙන් තබා 
    මගෙ කිරුළයි ඔයා
     
    ඒරොප්පෙන් ගෙනා
    බෝනික්කන් එපා
    සුරලෝකෙන් මවා
    දුන් ප්‍රාණේ ඔයා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS