නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ
Nupurudu Hangumaki Therapenne
  • Film : Sujeewa
  • Year : 1972
  • Category : Film Song
  • Lenght : 04:03
  • Year : 1972

  • Melody

    M.M.
    Huk
    Song

    නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ ගී පද / Nupurudu Hangumaki Therapenne Lyrics

    නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ
    නොවිඳපු රසයකි උතුරන්නේ
    නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ
    වෙනදා කවදාවත් නොවුණේ
    නුපුරුදු හැඟුමකි................
     
    ඔබෙ නුවන් රන් කූඩුවේ
    කව්ද යුවළක් ජෝඩුවේ
    ඉන්නෙ කව්දෝ හැංගිලා
    බලනු මැනවී ලං වෙලා
    ඔහු වගෙයි මා ඔබ වගෙයි ඈ සතුටු වී සපුරා
    අතට අත දී හිතට හිත දී එන්න මා පෙම්බරා
    නුපුරුදු හැඟුමකි................//
     
    පිපී සැලෙනා ලිය ගොමු
    හැපී නඟනා ගුමු ගුමු
    සුළඟෙ එතිලා මුසු වෙලා
    ඈත විසිරෙයි පාවෙලා
    අපගෙ හැඩයේ අතර සැතපේ මියුරු සර වපුරා
    අතට අත දී හිතට හිත දී එන්න මා පෙම්බරා
    නුපුරුදු හැඟුමකි................//

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS