නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
Nupurudu Oba Dutu Palamu Dine
  • Category : Music Video
  • Lenght : 03:35

  • Song

    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ ගී පද / Nupurudu Oba Dutu Palamu Dine Lyrics

    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
    සුපුරුදු ලෙස පෙනුනා..
    කෙදිනක හෝ විඳ පුරුදු ඇති
    සුසුම් සුවඳ දැනුනා
    දැනුනා මට සුසුම් සුවඳ දැනුනා.....
     
    පෙර කිසිදා ඔබ හමු වී නැති බව
    ඉඳුරා කියත හැකි..
    හමුවී ඇත්නම් ඒ පෙර සසරේ
    යුගයක වෙන්න ඇති
    යුගයක වෙන්න ඇති....
     
    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
    සුපුරුදු ලෙස පෙනුනා
    කෙදිනක හෝ විඳ පුරුදු ඇති
    සුසුම් සුවඳ දැනුනා
    දැනුනා මට සුසුම් සුවඳ දැනුනා.....
     
    භවයෙන් භවයට පැතුම් පතා ගෙන
    ඔබ මා ආවාදෝ...
    ඉසුරුමුණියෙ පෙම් දැහැන රකින්නට
    අපි මෙහි හමුවීදෝ...
    අපි මෙහි හමුවීදෝ.....
     
    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
    සුපුරුදු ලෙස පෙනුනා..
    කෙදිනක හෝ විඳ පුරුදු ඇති
    සුසුම් සුවඳ දැනුනා..
    දැනුනා මට සුසුම් සුවඳ දැනුනා...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS