ඔබ දන්නවා නම් එක කඳුළු බිඳක්
Oba Dannawanam Eka Kandulu Bindak
  • Lenght : 04:17

  • Lyrics

    Rathna
    Sri
    Song

    ඔබ දන්නවා නම් එක කඳුළු බිඳක් ගී පද / Oba Dannawanam Eka Kandulu Bindak Lyrics

    ඔබ දන්නවනම් එක කඳුළු බිඳක්
    හිත යටට වෙලා දුක් විඳින තරම්
    ඒ කඳුල උනත් නෙතු අගට ඇවිත්
    යලි ඔබේ පයට පෑගෙනවානම්
     
    එක මලක් තනන්නට රුවට රුවින්
    ගහ වැල දුක් ගින්දර විඳින තරම්
    ඒ පිපුනු මලත් කළු දෙබරු ඇවිත්
    යලි ඔබේ පයට පෑගෙනවානම්
     
    ඔබ දන්නවනම්...
     
    දස මසට වඩා පුරනා පෙරුමන්
    ලොව හදන වඩන මව් වරුනි උතුම්
    මට කියා දෙන්න ලොව ඇතිද ඉතින්
    වෙන අරුතක් මේ ජීවිතය තරම්
     
    ඔබ දන්නවනම්...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS