ඔබ මගෙමයි මා ඔබෙමයි
Oba Magemai Ma Obemai
  • Category : Music Video
  • Lenght : 03:18

  • Song

    ඔබ මගෙමයි මා ඔබෙමයි ගී පද / Oba Magemai Ma Obemai Lyrics

    උණුසුම් වූ මේ කුරිරු ලොවේ
    ඇයිද මා මෙසේ තනි කෙරුවේ
    මා ළය උණු වී හඩා වැටෙන විට
    ඔබ වෙනතක දැන් බලවිදෝ
     
    දිවිය පුරා මා ඔබ රකිමි
    මනුදම් ගුණදම් කියාදෙමි
    ඔබ මගෙමයි මා ඔබෙමයි
    සසර පුරාම සිටින තුරා
     
    ගලා හැලෙන නිල් නදිය ඔබයි
    දොරේ ගලා යන සෙනෙහෙ ඔබයි
    හිමිදිරි උදයේ සුවය ඔබයි
    මගේ දිවියෙ හිමිකාරී ඔබයි..//
     
    අඳුරු වූ මේ සැහැසි ලොවේ
    ඔබයි මමයි ආලෝකය වේ
    ආදරයට ලෝකය හඬනා විට
    ඔබයි මමයි වෙනතක යාදෝ
     
    ගහකොළ ඇලදොළ අපේ තමයි
    පුංචි පැටව් රැල අපේ තමයි
    මා මෙන් ඔබ මෙන් අපේ ලෝකයක්
    රැකෙන්නේ අප රැකුනොත් පමණයි
     
    ගලා හැලෙන නිල් නදිය ඔබයි
    දොරේ ගලා යන සෙනෙහෙ ඔබයි
    හිමිදිරි උදයේ සුවය ඔබයි
    මගේ දිවියෙ හිමිකාරී ඔබයි..//
     
    සසර පුරාම සිටින තුරා
     
    ගලා හැලෙන නිල් නදිය ඔබයි
    දොරේ ගලා යන සෙනෙහෙ ඔබයි
    හිමිදිරි උදයේ සුවය ඔබයි
    මගේ දිවියෙ හිමිකාරී ඔබයි..//

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS