ඔබ යන ගමනේ මාවත අවුරා
Oba yana gamane
  • Category : Music Video

  • Song

    ඔබ යන ගමනේ මාවත අවුරා ගී පද / Oba yana gamane Lyrics

    ඔබ යන ගමනේ මාවත අවුරා 
    ගැරහුම් අවමන් අවි ඔසවා ඇත 
    කැට මුගුරින් රළු පහර වැදී 
    ලෝහිත ගංඟා ගලා ගියාවේ 
    මලණුවනී.....නොසැලෙන් මලණුවනී
     
    කඳුළින් උපන්නෙමී 
    ගැරහුම් අසමින් ඉනූ කඳුළකින් 
    ලෝකය හැඳින්නෙමී 
     
    පල ඇති ගසටයි පහර වැදෙන්නේ 
    සඳු දැක සිවුපාවුන් මොර දෙන්නේ 
    කටු පඳුරෙන් දස දෙසම වැසී 
    හදවත ඉකි බිඳිමින් හැඬුවාවේ 
    මලණුවනී.....නොසැලෙන් මලණුවනී
     
    කඳුළැල් විඳින්නෙමී 
    ගැරහුම් අවමන් මල් දම් සේ ගෙන 
    නව මං සොයන්නෙමී 

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS