ඔබෙ දෙතොල් පෙති ලිහී
Obe dethol pethi
  • Category : Music Video

  • Song

    ඔබෙ දෙතොල් පෙති ලිහී ගී පද / Obe dethol pethi Lyrics

    ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
    හද දියව ගලායයි රැළි ලමින් සැලි සැලී
    මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිතවේ
    සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ
     
    හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා 
    තරු කඩා වැටෙන විට අහස් ගඟ කළඹලා 
    මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා 
    සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ
     
    නා ගසක් දළුදමා වසන්තය එළඹිලා
    මද පවන් රැල් වැදී සැලෙන විට කැළඹිලා
    මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා
    සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ
     
    යුග ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා
    ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
    මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැ‍ඟෙනවා
    සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ
     
    අහස්තල පොළෝ තල ඔබට මට පොදුවෙලා
    හදවතින් එක්වුණත් ගතින් දෙදෙනෙකු වෙලා
    මට බලා ඉන්න බෑ සියොළඟම තැවෙනවා
    සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS