ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ ගී පද / Oben Thora Lokayak Koindo Lyrics
ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ...
ඔබෙන් තොර හීනයක් ඔබෙන් තොර මාවතක්
ඔබෙන් තොර ගීතයක් කොයින් දෝ...
දකින හැම රූපය ම ඔබේ රුව සේ පෙනේ
අසන හැම ගීයක ම ඔබේ කටහඬ ඇසේ
ඔබේ කටහඬ ඇසේ...
සිහිනයෙන් සිහිනයට ඔබයි සැරි සරන්නේ
ඇසිපියෙන් ඇසිපියට ඔබ පමණි සිටින්නේ
ඔබ පමණි සිටින්නේ...
