ඔය ඇස් අමතක වෙන්න නම් ගී පද / Oya As Amathaka Wenna Nam Lyrics
ඈතින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා
මා ළඟ තියු සිත අරන් ගියා
සුවඳවත් මා ළඟ නොතියා
අමතක කරලන්නම් කියා ගියා
අමතක කරලන්නම් කියා ගියා
ඔය ඇස් අමතක වෙන්න නම්
මගෙ ඇස් පියවෙන්න වෙයි../
සීතල වැහි බිංදු සේම කඳුළු
කඩා හැලෙනවා නිමක් නොවේ
පොළොව ඉහිලුවත් ඒ වැහි බිංදු
කඳුලු දරන්නට ඉඩ මදිලු
ඔය ඇස් අමතක වෙන්න නම්
මගෙ ඇස් පියවෙන්න වෙයි..//
ජීවිතයේ මඟ මට හරි නුහුරු
ඉරබටු තරුවයි මඟ පෑදූ
ඈතක ගිය තරුවක මා දැවටී
පැතුම් හඬාවී මඟ තනි වී
ඔය ඇස් අමතක වෙන්න නම්
මගෙ ඇස් පියවෙන්න වෙයි..///
