පාත ඉඳන් අපි ආවේ
Paatha indan api aawe
  • Category : Music Video

  • Lyrics

    Rathna
    Sri
    Song

    පාත ඉඳන් අපි ආවේ ගී පද / Paatha indan api aawe Lyrics

    පාත ඉඳන් අපි ආවේ
    නාමල් පූජා කරන්න
    දළදා හාමුදුරුවනේ
    පාත මාලයට වඩින්න
     
    හීල් හෙවනෙ ඉඳගෙන බෑ
    හේන් කුඹුරු වැඩ කරන්න 
    ඇඟ පත කළු උනත් අපේ
    කිලි කුණු නැති හිත බලන්න
    දළදා හාමුදුරුවනේ
    පාත මාලයට වඩින්න
     
    මූදු ගියා ලෙලි තැලුවා
    පිලී ගඳින් බෑ මිදෙන්න 
    ඒත් අපේ මල් සුවඳයි
    එපා බාර නොගෙන ඉන්න
    දළදා හාමුදුරුවනේ
    පාත මාලයට වඩින්න

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS