පාරමි දම් පුරමු අප දෙදෙනා
Parami Dam Puramu Apa Dedena
  • Lenght : 04:01

  • Song

    පාරමි දම් පුරමු අප දෙදෙනා ගී පද / Parami Dam Puramu Apa Dedena Lyrics

    පාරමී දම් පුරමු අප දෙදෙනා
    මටම අයියණ්ඩියක වී ඔබ
    නැගනි වී මා එකම මව් කුස
    සසර මතුදා උපත ලබනට
    පාරමී දම් පරමු අප දෙදෙනා...
     
    ගවුම් පොඩියක් මටත් අන්දා..
    කොණ්ඩ කරලක් හිස පලන්දා..
    යනෙන මාවත දකුණු පැත්තෙන්
    මාව පාසල් එක්කරන් යන්න
    මටම ඔබ අයියණ්ඩියක වීලා
    ජාති ජාතිත් සංසාරේ...
     
    පාරමී දම් පුරමු...
     
    ළමා විය ඉක්මවා දවසක
    පංච කල්‍යාණියක වී මම
    සිරිත් ලෙස කුල ගෙයට යනදා
    හීනයක් සේ මතක් වෙයි මට
    අපේ අසරණ බිඳුනු පෙම් ලෝකේ..
    පූර්ව ආත්මෙක සංසාරේ...
     
    පාරමී දම් පුරමු...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS