පෙම් කල වරදට ගී පද / Pem Kala Waradata Lyrics
පෙම් කල වරදට මට වද දෙන්නේ
පෙම් කල හිතකින් නොවන නිසා
අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැනුනු දිනේ
යන එන හමු වන මග අවුරාලා
ආදරයක් වැලකිය හැකිදෝ
නොපෙනෙද ඔහුගේ දෙපතුල මා හිත
සැනහෙනු මේ රැකවල් බිඳ දා
චිත්‍රාවක් වන්නේ නෑ මා නම්
අයියණ්ඩියෙ ඔබෙ අණට හොරා
ආදරයේ දුක ඔබට දැනේවී
පෙම්වතියක මුණ ගැහුණු දිනේ
