පෙම්වතුන් සිනාසේ.. අප කඳුළු සලන්නේ
Pemwathun Sinase
  • Lenght : 03:18

  • Song

    පෙම්වතුන් සිනාසේ.. අප කඳුළු සලන්නේ ගී පද / Pemwathun Sinase Lyrics

    පෙම්වතුන් සිනාසේ
    අප කඳුළු සලන්නේ
    දෙතැනක හිඳ තනිවී
    විසඳුම් සොයනු කෙසේ
     
    මා තුරුලේ හිඳිනා උනුසුම් යහනාවේ
    ඉකිබිඳිමින් හැඬුවා මතකද ගංතීරේ
    මගෙ ලොව ඔබවේ නම් සැකයෙන් ඇයිද මෙසේ
    ඔබ මිස වෙන සතුටක් කොයිබද මියුලැසියේ
     
    පෙම්වතුන් සිනාසේ
     
    මල හිරු බැස යද්දී සඳු පායා ඒවී
    අළුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී
    අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේදෝ
    අරුනළු උදාවෙලා මුව විකසිත වේදෝ
     
    පෙම්වතුන් සිනාසේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS