පෙර කිසි දවසක ගී පද / Pera kisi davasaka Lyrics
පෙර කිසි දවසක කිසියම් කෙනෙකුට
නොලිව්ව සුමිහිරි ඔබගේ ගීතය
ලියා දෙන්න මට සුහදේ.....
කාලය වයනා වීණා තත ළඟ
මම ඒ ගීතය හෙමින් ගයන්නම්
කඳුළෙන් කඳුළට යන මේ ගමනේ
විඩාව ඒ ගී මිහිරට මුසු වේ...
ඔබ ළඟ නැති මුත් ඒ ගී රාවය
අතරින් ඔබේ රුව මැවී පෙනේවී
මා හද තුරුලේ ඔබගේ ගීතය
දෙනෙත් පියාගෙන නිදා ගනීවී...
