පිනි වැටුණට සුදු නෙළුමට බර වැඩි වෙන් නෑ ගී පද / Pini Watunata Sudu Nelumata Lyrics
පිනි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන්නෑ
මල පිපුනට පිනි බිඳුවල වෙනසක් වෙන්නෑ
ළඟ නොමැතිව දුර හිටියට අමතක වෙන්නෑ
ඔයාගේ ඔය පුංචි හිතට දුකක් දෙන්න බෑ..//
සිරගත කල සිතිවිලි වල කිසි අඩුවක් නෑ
අපි ගතකල තැන් තැන්වල මතකය යන්නෑ...//
වෙනදට වැඩියෙන් ආදරේ කිසි වෙනසක් නෑ
මොන දේවල් ලැබුනත් මට ඔයා නැතුව බෑ...
පිනි වැටුනට...
අදට වඩා හොඳ දවසක් හෙට නැතිවෙන්නෑ
ඔබ ළඟ ඉන්නවනම් මට කාලය යන්නෑ...//
දිනාගන්න ඔයාව හැර වෙන කිසිවක් නෑ
මොන දේවල් ලැබුනත් මට ඔයා නැතුව බෑ..
පිනි වැටුනට...
