පොල් රුප්පාවේ දඟකල සෙල්ලම් ගී පද / Polruppawe Dagakala Sellam Lyrics
පොල් රුප්පාවේ දග කල සෙල්ලම්
සුලගේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහි වෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කර දා
මායාවක් දෝ බැදුනු සිතුම්
ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්
රෑ රෑහැයි හඩේ දුක් ගීත රාවයේ
රෑ රෑහැයි හඩේ දුක් ගීත රාවයේ
සවනේ වැකුනේ ගොලුවු හඩක් ලෙසින්
මායාවක් දෝ බැදුනු සිතුම්
ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්
පොල් රුප්පාවේ දග කල සෙල්ලම්
ඈත ගුරු පාරේ පියමන් සලා යන්නේ
ඈත ගුරු පාරේ පියමන් සලා යන්නේ
කදුලින් පිරිලා දෙනුවන් වැසී යාදෝ
මායාවක් දෝ බැදුනු සිතුම්
ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්
පොල් රුප්පාවේ දග කල සෙල්ලම්
සුලගේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහි වෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කර දා
මායාවක් දෝ බැදුනු සිතුම්
ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්
