රන් තාරකාවන් දිලෙන රැයේ ගී පද / Ran Tharakawan Dilena Raye Lyrics
රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී
රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී
මා දෙනෙත අඩ අදුරෙ රඳවා තියා
සඳවතිය පාවී ගියා
මා දෙනෙත අඩ අදුරෙ රඳවා තියා
සඳවතිය පාවී ගියා
පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්
මේ හැටිම නපුරුයි කියා...
මේ හැටිම නපුරුයි කියා...
රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී
මා උන්නෙ දොර කවුළු හැරදා තියා
ඔබෙ සුවඳ ඒ යැයි කියා...
මා උන්නෙ දොර කවුළු හැරදා තියා
ඔබෙ සුවඳ ඒ යැයි කියා...
නිදි නොමැති නෙත් අගට කදුලක් තියා
මුළු රෑම ගෙවිලා ගියා..
මුළු රෑම ගෙවිලා ගියා..
රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී
