රණබිම මැරුණේ.. සිංහලයෙකු නම් ගී පද / Rana Bima Marune Sinhalayeku Nam Lyrics
රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
පපුවේ වෙඩි සළකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ..//
මව් බිම ජයගනු බැරි නම් මරණය
දෙකින් එකකි මින් ජය ගත්තේ
මිහිකත සිපගෙන මිය ගිය ඇත්තොයි
සුරපුරයට කැඳවාගත්තේ
රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
පපුවේ වෙඩි සළකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ
මල් යහනාවක් මත සුව මරණය
හෙළ විරුවන් හට උරුම නැතේ
කිසිදා නොමියෙන මල් පුබුදිනවා
විරුවන් මල රණ බිම මත්තේ
රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
පපුවේ වෙඩි සළකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ..//
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ
