රත්තරන් මාගේ.. සුරඟනක් වාගේ ගී පද / Raththaran Mage Suraganak Wage Lyrics
රත්තරන් මාගේ සුරඟනක් වාගේ
ඇස් වලින් කී දේ ආදරේ නේ
හුරතලේ මූණේ මල් මිටක් වාගේ
කම්බුලක් ගානේ හාදු ඕනේ
හිත් යායේ පෙම් මල් පීදී
අමරසදෝ වෑහෙන්නේ
වස්සානේ ඇවිදින් මාගේනේ නෙතු මානේ
නිල් මානෙල් පාටයි දෑසේ
තුරුලේමයි මා ඉන්නේ
ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මා
දුක් වින්දේ සුසුමක් ගානේ
මා හැඬුවේ ඇල්ලක් වාගේ
මුළු ලෝකේ එරෙහී වූ එදා
දැනුනේ රස නොයිදුල් දීගේ
හීනෙන් දුටු පාරාදීසේ
පියවෙන්නේ පහසින් දෙනුවන් මා
රත්තරන් මාගේ.....
නාදල්ලේ පාටයි වාගේ
සිපගන්නත් ලෝබයි ඈගේ
දෙතොලේමයි නැවතී ඉන්නේ මා
මනමාලයි හැඟුමන් දෑසේ
ගුලිවෙන්නයි හොරැහින් බැලුවේ
ඔබ මාගේ පනමයි සෑමදා
රත්තරන් මාගේ........
