රුහුණු අහසින් කඳුළු වැටුණා
Ruhunu Ahasin (Ahala Mal Pethi Adath Watila)
  • Lenght : 03:57

  • Lyrics

    Nilar
    N.
    Song

    රුහුණු අහසින් කඳුළු වැටුණා ගී පද / Ruhunu Ahasin (Ahala Mal Pethi Adath Watila) Lyrics

    ඇහැල මල්පෙති අදත් වැටිලා.......
    වැව් තෙරට ආ මොනරු ඇඩුවා..
    හරිත තුරු යට දෙඅත් පටලා
    නාදුනන පෙම්වතුන් හිටියා...
    එදා අප පෙම් තෙපුල් මිමිණූ
    වැව් බැම්මෙ පිනි වැටිලා තිබුණා...
    අනේ ඔබ නැති සොවින් තැවිලා
    රුහුණු අහසින් කඳුළු වැටුනා...
     
    මාතොටින් ආ මුහුදු හුළගේ
    මං ගියේ මතකය දිගේ...........
    ආදරෙන් අප ඇවිද ගිය මග
    වානු බැරි තනිකම දැනේ
    කවුරුවත් නැති දෙසුම්හල් වල
    ඒ ඔබේ සුවඳම දැනේ.......
    හීනයක් දැයි හිතෙයි සරසවි
    බිමෙන් ඔබ නික්මුන දිනේ.........
     
    වීදි සටනේ පෙරමුනේ ගොස්
    ගැටී දුබලව ගිය දිනේ.....
    ඒ ඔබේ ලෙන්ගතුකමයි මට
    දිරිය ශක්තිය ඇති කලේ........
    සිව් වසක් ගිය තැනදි ප්‍රේමය
    කුරුටු ගා ගිය මුත් නගේ.......
    ආයෙමත් මුණ ගැසී දුක සැප
    බෙදා ගමු මිනිසුන් වගේ...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS