සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ
Samawenna Raththarane Warada Mage Athe
  • Lenght : 03:29

  • Song

    සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ ගී පද / Samawenna Raththarane Warada Mage Athe Lyrics

    සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ
    දරාගන්න බැහැ ගිනිසිලු නැගෙයි සිත්මලේ
    දේවතාවියක් සිටුගෙයි හඬා වැලපුනේ
    කවුරුද රතු රෝස මලෙන් සුවඳ ගෙන ගියේ
     
    මල්සරාට තහනම් ගෙයි දොරගුලු ඇරුනේ
    බහට බහක් දී අඩවන් දෙනෙතක බැඳුනේ
    ආලවන්ත කැකුලුකියකගෙ තුරුලෙහි රැඳුනේ
    ගෙව්නු රැයක් ආත්මයක මට පව් පිරුවේ
     
    සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ
     
    දෙපාවඳින ඇගෙ දෑසෙහි කඳුලු පෙනි පෙනී
    බිඳී ගියා මුලු ලොව සෙනෙහසින් දැවි දැවී
    සඳ මඩලට පෙම් සිසිලස පිදුව කුමුදිනී
    ජාති ජාති යන්නෑ ඔබ ලඟින් දුරස් වී
     
    සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS