සඳ මා හා සිනාසුනා.. තරු මා හා කතා කළා ගී පද / Sanda Ma Ha Sinasuna Lyrics
සඳ මා හා සිනා සුනා
තරු මා හා කථා කලා.....
ඔබ මා හා සිනා සුනේ නෑ
ඔබ මා හා කථා කලේ නෑ.....
පුරා පෝය සඳ අහසට එනවිට
මා එනවා බෝ මලුව දිහාවට....
බෝ මළුවේ ඉඳ පහන් කුලුන යට
පෙරුම් පුරනවා ඔබ දැක ගන්නට....
සඳ මා හා සිනා සුනා
තරු මා හා කථා කලා.....
ඔබ මා හා සිනා සුනේ නෑ
ඔබ මා හා කථා කලේ නෑ...
පුරා පෝය හඳ පායන විලසට
ඔබ එනවා බෝ සමිඳු පුදන්නට....
නාදුනනා සේ ආපසු යන විට
සුසුම් නැගෙනවා හද උතුරන්නට....
සඳ මා හා සිනා සුනා
තරු මා හා කථා කලා.....
ඔබ මා හා සිනා සුනේ නෑ
ඔබ මා හා කථා කලේ නෑ.....
