සෞම්‍යවන්තියේ.. සිත සනසනා
Saumya Wanthiye Sitha Sanasana
  • Lenght : 03:49

  • Song

    සෞම්‍යවන්තියේ.. සිත සනසනා ගී පද / Saumya Wanthiye Sitha Sanasana Lyrics

    සෞම්‍යවන්තියේ සිත සනසනා
    පුන්‍යවන්තියේ පින් පලදෙනා
    රූපවන්තියේ රස කලඹනා
    ප්‍රේමයද මේ කිව මැනා
     
    ප්‍රේමයද ගංඟාවකී
    සෞම්‍ය සඳ එලියේ එතී
    ප්‍රේමයද ගංඟාවකී
    සෞම්‍ය සඳ එලියේ එතී
    සඳ බැස ගියත් ගඟ නොනවතී
    සාගරේ හා වෙලී යති
     
    සෞම්‍යවන්තියේ සිත සනසනා
    පුන්‍යවන්තියේ පින් පලදෙනා
    රූපවන්තියේ රස කලඹනා
    ප්‍රේමයද මේ කිව මැනා
     
    පාලුවද සඳ එලියකී
    රම්‍ය ජීවිතයේ එතී 
    පාලුවද සඳ එලියකී
    රම්‍ය ජීවිතයේ එතී 
    ළඟ නැති වුනත් සිත ළඟ ඇති
    ආදරේ භාවනාවකී
     
    සෞම්‍යවන්තියේ සිත සනසනා
    පුන්‍යවන්තියේ පින් පලදෙනා
    රූපවන්තියේ රස කලඹනා
    ප්‍රේමයද මේ කිවමැනා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS