සෙනෙහස දෙවොලකි පුද නොහැකි (Remix)
Senehasa Dewolaki (Remix)
  • Lenght : 05:11

  • ORIGINAL SONG INFO
  • Vocal : Somasiri Medagedara
  • Lyrics : Bandula Jayasinghe
  • Music : Sarath De Alwis

  • SongOriginal Song

    සෙනෙහස දෙවොලකි පුද නොහැකි (Remix) ගී පද / Senehasa Dewolaki (Remix) Lyrics

    සෙනෙහස දෙවොලකි පුදනු හැකි
    ඔබ නමටයි ඒ දෙවොල හිමි
    ආයාචනයට මසිත ගැයූ
    ඔබෙ දෙසවන් ඇයි අගුළු වැටී
    සෙනෙහස දෙවොලකි පුදනු හැකි
    ඔබ නමටයි ඒ දෙවොල හිමි
     
    සුසුමට කඳුලට ලෙන්ගතු වී
    සැනසෙන්නද මා කෙලෙස යළි //
    ආදරයට හිමි කඳුලු බිඳු
    සාගරයට මුසු වේද මතු
     
    සෙනෙහස දෙවොලකි පුදනු හැකි
    ඔබ නමටයි ඒ දෙවොල හිමි
     
    සසරින් සසරට එකට බැඳී
    මෙතුවක් ආ මග අද නැවතී //
    ජීවිතයම එක රැයක දුටු
    සිහිනෙකි ප්‍රේමය බිඳුනු පසු
     
    සෙනෙහස දෙවොලකි පුදනු හැකි
    ඔබ නමටයි ඒ දෙවොල හිමි
    ආයාචනයට මසිත ගැයූ
    ඔබෙ දෙසවන් ඇයි අගුළු වැටී
    සෙනෙහස දෙවොලකි පුදනු හැකි
    ඔබ නමටයි ඒ දෙවොල හිමි

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS