සිහින සිත්තරාවි ඇස් බිම බලා සිනාසි
Sihina Siththaravi Es Bima Bala Sinasi
  • Category : Music Video
  • Lenght : 03:56

  • Song

    සිහින සිත්තරාවි ඇස් බිම බලා සිනාසි ගී පද / Sihina Siththaravi Es Bima Bala Sinasi Lyrics

    සිහින සිත්තරාවි ඇස් බිම බලා සිනාසී
    සබකෝලකම් කරාවි හිත ආදරෙන් පිරේවී
    මට නුහුරු ඉඟි කරාවි උන්මාදකම් ගෙනේවී
    රතු කම්මුලක් ශ් රීයාවි සිපගන්නමයි හිතේවී..//
     
    මද සිහිලසක් වගේ මා නිවාලමින් සැනසුමක් ගෙනේවී
    මුළු ජීවිතේ පුරා අරමුණක් තියා හීනයක් තනාවී
    මුදු සීත නිල් දියට තඹර මල වගේ ලෙන්ගතුයි කියාවී
    ඔබ දීපු ආදරේ මහ මෙරක් තරම් මගෙ හිතේ දරාවී
    ආදරේ දැනේවී
     
    සිහින සිත්තරාවි ඇස් බිම බලා සිනාසී
     
    සඳ පාන පීරමින් පිපෙන කුමුදු මල් නුඹ වෙතයි සුගන්ධි
    තරු අහුරු අම්බරේ මවන රූ රටා නුඹ නිසයි සිනාසී
    දුර දුවපු හිත අරං ලඟට ලං කරන් ආදරෙන් තවාවී
    මට නුඹ තරම් තවත් නෑ සිතුම් පෙලක් හදවතේ ගැහේවී
    අාදරේ දැනේවී
     
    සිහින සිත්තරාවි ඇස් බිම බලා සිනාසී

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS