සිරුරු කිඳාබැස
SIRURU KIDHABASA

Music

Dewa
s
Song

සිරුරු කිඳාබැස ගී පද / SIRURU KIDHABASA Lyrics

සිරුරු කිඳාබැස ප්‍රේමය සෙව්වෙමි
කප් සුවහස් කල් දුරක රැදී.......
මනසේ සතුටක් මසැසින් සෙව්වෙමි
හිත්පිත් නැති හිස් ලොවක රැදී.......
ප්‍රේමය දෙවොලකි මාද ඇසූවෙමි
ඇස් ඉස් මස් ලේ අතර නැතී.......
 
පාටක් හැඩයක් අරුතක් නැති ලොව 
නුඹගේ හැඩ මට කුමට වටී.......//
තාමත් මොහොතක් මනසක් සොලවන
නුඹ ගැන මට මහ පුදුමයකී.......
 
 
පහසත් සහසක් වෙහෙසක් නොදැනෙන
නුඹ මායාවකි මිදෙනු බැරි.......//
හැඟුමක් පැතුමක් සුසුමක් වී නුඹ 
සංසාරේ කැණිමඩල බඳි.......

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS