සිතින් අදිනවා ආපසු යන්න නොදී
Sithin Adinawa Apasu Yanna Nodi
  • Lenght : 05:08

  • Song

    සිතින් අදිනවා ආපසු යන්න නොදී ගී පද / Sithin Adinawa Apasu Yanna Nodi Lyrics

    සිතින් අදිනවා ආපසු යන්න නොදී
    ඇස් දෙකින් අදිනවා වාගෙයි අහිංසකී
    යන්නම ඕනෑ වේ නම් මගෙන් මිදී
    කෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී
     
    දුරත් දුකත් අමුනාගෙන එක නූලෙ
    ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ
    බිමින් තිබ්බ හිත මොකටද අහුලන්නේ
    හිතත් මලත් මට නුඹ විතරයි වාගේ
     
    සිතින් අදිනවා ආපසු......
     
    හදාගන්න හිත කිරිල්ලියක් අලුතෙන්
    හොයා ගන්න තුරු ඉන්නවාද රහසින්
    තරු සිදුරක් නැහැ අහසට සඳ ඇවිදින්
    මගෙ සිත ආයේ කොතැනද අලුත් ඉඩක්
     
    සිතින් අදිනවා ආපසු......

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS